Professional Documents
Culture Documents
පෙරවදන
විකා Wicca සහ Witchcraft යනු ස්වභාව ධර්මය
පූජනීයව සලකන ඇදහිලි ක්‍රමයක්, ගුප්ත ශාස්ත්‍ර
ක්‍රමයක් සහ අධ්‍යාත්මික ජීවිත දර්ශනයක්. එය
මිනිසාගේ සොබාදහම සමග සබැඳියාව, ශාරීරික සහ
මානසික යහ පැවැත්ම, සුවය සහ දියුණුව ලඟා කරන
මාර්ගයකි.
විකා වල ඉතිහාසය
විකා දර්ශනය ප්‍රතිසංස්කරනය කර පොදු මහජනයා අතර ප්‍රචලිත කිරීමට දායක
වී ඇත්තේ ආචාර්ය ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතාය. ඒ 1954 වර්ශයේදීය. ජෙරල්ඩ්
ගාර්ඩ්නර් මහතා, ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලන සමයේ සේවය කල රබර් වතු
පාලක වරයෙකි.
බ්‍රිතාන්‍යයේ 1952 දක්වා Witchcraft ආගම තහනම් කර තිබුනි. එම තහනම ඉවත්
කිරීමත් සමඟ අධ්‍යාත්මික සහ ගුප්ත-ශාස්ත්‍ර විශයයන් සම්බන්ධ ප්‍රබෝධයක් ඇති
වුනි. එතෙක් රහසිගතව පැවතුන අධ්‍යාත්මික සංගම් කිහිපයක්ම පොදු මහජනයා
සඳහා ප්‍රසිද්ධියේ විවෘත විය.
මේ කාලයේ ගාර්ඩ්නර් මහතා විශ්‍රාම ලබා නැවත බ්‍රිතාන්‍යයට පැමිණෙයි. එහිදී
ඔහුට ඇලියෙස්ට ක්‍රව්ලි (Aliester Crowley), ඩොරීන් වැලන්ට් (Doreen Valiente)
වැනි Witchcraft ක්‍රමවේදඅධ්‍යයනය කරන බොහෝ පිරිසක් හමු වේ. ඔවුන් සමඟ
එක්ව අතීතයේ පැවති පුරාණ ඇදහිලි ක්‍රම එකතු කොට, හින්දු දහම, බුදු දහම, වැනි
පෙරදිග දර්ශන වල අධ්‍යාත්මික ඉඟැන්වීම් ද සම්බන්ධ කරගත් විකා දහම,
ගාර්ඩ්නර් මහතා විසින් ප්‍රතිසංස්කරනය කලේය.
1899 දී ඉතාලි ජාතික චාල්ස් ලේලන්ඩ් විසින් අරඩියා (Aradia, or the Gospel of the Witches) නමින් කෘතියක් ප්‍රකාශයට පත්
කර Witchcraft ඇදහිලි පිලිබඳව පොදු මහජනතාවට හෙලි කර ඇත.
තවද රේවන් ග්‍රිමාසි (Raven Grimassi) වැනි ඉතාලි ලේඛකයින් ද මේ සම්බන්ධ පොත් පොදු මහජනයා වෙනුවෙන් ප්‍රකාශ කර
ඇත. ඉතාලි බසින් Witchcraft හඳුන්වන්නේ Stregha නමින් ය. ඉතාලියේ කිසි දිනක Witchcraft ආගම තහනම් කර තිබී නැත.
එමෙන්ම ඉතාලි සම්ප්‍රදායන් සහ ගාර්ඩ්නර් විසින් හඳුන්වාදුන් බටහිර යුරෝපීය සම්ප්‍රදාය අතර සමහර වෙනස්කම්ද ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේ විකා දර්ශනය ආගමක් ලෙස නිල වශයෙන් පිලිගැනුනේ
1975 වර්ශයේදීය. ඇමරිකාවේ මෙය ජනප්‍රිය වීමට ප්‍රධානතම හේතුව ලෙස
දැක්විය හැක්කේ රේමන්ඩ් සහ රෝස්මරි බක්ලන්ඩ් (Raymond & Rosemary
Buckland) යුවලයි. රේමන්ඩ් බක්ලන්ඩ්, අචාර්ය ගාර් ඩ්නර්ගේ ශිෂ්‍යයෙකි. ඔහු
විසින් ලියන ලද පොත් විශාල වශයෙන් ගුප්ත ශාස්ත්‍ර පොත් ම පල කරන
ලෙවෙ'ලින් (Llewellyn) ආයතනය මගින් මුද්‍රනය කරන ලදී.
මෙහි ඇති විවෘත ස්වභාවය, ඒක-සම්මත මූලධර්මවාදයක් නොමැති වීම සහ සංවිධානාත්මක ආගමක් නොවන නිසාත් විවිධ ආකාරයේ
සංස්කෘතීන් හා දර්ශන වල ඇති අංග එකතු වී නොයෙක් නිකායන් බිහි වී ඇත. නමුත් මේ තුල නිකායන් හැඳින්වීමට භාවිතා කරන්නේ
සම්ප්‍රදාය (Tradition) යන වචනයයි.
විකා වල සංකේතය වන්නේ මෙම Pentacle, එනම් වෘත්තයක් තුල ඇති පස් කොන්
තරුව යි. මෙය ඉතා ඈත ඉතිහාසයක් ඇති සංකේතයකි. ප්‍රධාන වශයෙන්ම මෙයින්
සංකේතවත් වන්නේ පංච මහා භූතයින් ය. එනම් අප අවට ඇති පරිසරය, ලෝකය
තැනී ඇති ප්‍රධාන මූල ධාතූන් ය. තවද මෙය පුරානයේ සිට පැවත එන ආරක්ෂාව
සම්බන්ධ ශුද්ධ වූ හැඩතලයකි. මෙහි පිටතට යොමූ වූ උල් ත්‍රිකෝන පහෙන් භාහිර
බලවේග වලින් ආරක්ෂා වීමත්, මැද ඇති පංචාස්‍රයෙන් ගර්භාශයත්, වට කර ඇති
වෘත්තයෙන් සමතුලිතතාවයත් සංකේතවත් වේ.
ස්වභාවධර්මය
ස්වභාවධර්මයේ වෙනස් වීම්, සෘතු සහ සංවත්සර උත්සවාකාරයෙන් සැමරීමද
විකා වලට අයත් අංගයකි. වර්ශයේ සෘතු සතර සහ ඒ අතරමැද සංක්‍රාන්ති සමඟ
වර්ශයකට ප්‍රධාන සංවත්සර අටක් ඇත. මේවා Samhain, Yule, Imbolc, Spring,
Beltane, Midsummer, Lughnasadh, Autmn ලෙස හඳුන්වයි. තවද වර්ශයකට
උදා වන පුර සඳ (පොහොය) දහ තුන ද උත්සවාකාරයෙන් සමරනු ලබයි.
සෘතු අනුව වර්ශය අඳුරු අර්ධය සහ ආලෝක අර්ධය ලෙස කොටස් දෙකකට බෙදා ඇත.
සෘතු, සංවත්සර ඇති වන්නේ සූර්යයා සහ පෘථිවියේ ගමන් මාර්ගය නිසාය. එම
නිසා සංවත්සර වලදී, (විෂේශ්යෙන්ම වර්ශයේ අඳුරු අර්ධයේදී) පුරුශ දේවතාවා සම්බන්ධ පූජා විධි සිදු කරයි.
දේවතාවිය
විකා වල චන්ද්‍ර දේවතාවියටද විෂේශ තැනක් හිමි වේ. ඩයානික සම්ප්‍රදායේ ඩයානා දේවතාවිය සංකේතවත් වන්නේ
චන්දයාගෙන් ය. තවද මෙම පුර සඳ දෙපස සඳේ වැඩෙන කලාව සහ ගෙවෙන කලාව දැක්වෙන සංකේතයද දේවතාවිය
සංකේතවත් කරන සලකුනකි. මෙයින් අදහස් වන්නේ දේවතාවියගේ යෞවනිය, මව සහ මැහැල්ල යන ත්‍රිත්ව ස්වභාවයයි.
කර්මය සහ පුනර්භවය
කර්මය සහ පුනර්භවය, පෙරදිග දර්ශන වලින් පසුව විකා දහමට එකතු වූ අංගයන් ය. පුනර්භවය යනු යම් පුද්ගලයෙක් හෝ
සත්වයෙක් මරණයෙන් පසුව නැවත ජීවිතයක් ලබන බවයි. එනම් අපගේ ශරීරය තුල පවතින ජීව ශක්ති ස්වභාවයේ යම්
කොටසක් මරණයෙන් මතුද පැවත නැවත උපතකට හේතු සදන බවයි.
පුනර්භවය සහ කර්මය ඉතා සමීපව බැඳී ඇත. කර්මය යනු අප විසින් කරන ක්‍රියාවන් ගේ ප්‍රථිඵලය නැවත අප වෙතම
පැමිනෙන විශ්වීය ස්වභාවයයි. විකා ඇදහීමට අනුව අප විසින් කරන හොඳ හෝ නරක තුන් ගුණයකින් වැඩිවී නැවත අප වෙතටම
පැමිනේ. මෙය හඳුන්වන්නේ Three Fold Law නමිනි. කර්මය මේ ජීවිත කාලය තුලදීම හෝ මරණින් පසු ඊලඟ උපතේදී හෝ නැවත
පැමිණිය හැක.
විකා (Wicca) සහ Witchcraft 5
ආගමික චාරිත්‍ර
විකා, බොහෝ විට කන්ඩායමක් ලෙස සමරන ආගමික චාරිත්‍ර වලින් යුතුය. මෙසේ
කන්ඩායමක් ලෙස රැස් වන පිරිස Coven ලෙස හඳුන්වයි. එසේ එකතු වන පිරිස
අතර එක පවුලක් සේ ඉතා සමීප බැඳීමක් ඇති වීම ඉතා වැදගත් වේ. විකා වල
කන්ඩායමකට එකතු වීම පූජකත්වයට පත්වීම හා සමානව සැලකේ. එසේ එකතු
වීමට ප්‍රථම වර්ශයකුත් එක් දිනක් ශිශ්‍යයෙකු ලෙස මූලික අධ්‍යාපනය ලැබිය
යුතුය.
වර්ශ තුනකට වඩා අත්දැකීම් ඇති විට කන්ඩායමක නායකත්වයට සුදුසු වූවකු ලෙස
සැලකේ. කන්ඩායමකට නායක පූජක වරයෙක් සහ පූජක වරියක් සිටියද
සියල්ලන්ම එක හා සමාන මට්ටමෙන් ගෞරවයෙන් යුතුව සලකනු ලබයි.
නමුත් මෙසේ කන්ඩායමකට එකතු වීමට අවස්ථාව නොලැබෙන අය ද සිටී. මෙයට හේතුව වන්නේ තමා හා සමාන අදහස් ඇති තවත්
අය හෝ කන්ඩායමක් ලඟාවිය හැකි ප්‍රදේශය තුල සොයාගැනීමට නොහැකි වීමයි. මේ හේතුවෙන් බොහෝ දෙනා තමාගේම
උත්සාහයෙන් පොත්පත් මගින් හෝ වෙනත් ක්‍රම වලින් තනිවම අධ්‍යයනය කර තම මාර්ගය සලසා ගනී.
පණ ඇති සියලුම ජීවීන් වන මිනිසා සතුන් සහ ගහ කොල වල ජීව ශක්තිය පවතින බවත් අප අවට ඇති පංච මහා භූතයින්ගෙන්
තැනුන විශ්වයේද ශක්තියක් ඇති බවත්. ඒවා භාවිතා කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ගැනීමට හැකි බවත් බොහෝ දෙනා විශ්වාස කරයි.
භාවනා ක්‍රම තුලින් සිත දියුනු කිරීමෙන් ද වචන සහ ශබ්ද වල බලයෙන් ද මෙම බල වේග පාලනය කල හැක, ඒ තුලින් ශාරීරික
සහ මානසික සුවය, රෝගාබාධ වැලැක්වීම, සුවය ඉක්මන් කිරීම වැනි ප්‍රයෝජනද ලැබිය හැක.
තවද, භාවනා ක්‍රම තුලින් සිත දියුනු කිරීමෙන් විවිධ අධිමානසික හැකියා, එනම් ඈත සිදු වන දේ මනසින් දැකීම, අනාගතයේ විය
හැකි අනතුරු කලින් දැකීම, සැඟවී ඇති දේ අවබෝධ කර ගැනීම ආදී කාරනා ද විකා සහ Witchcraft අනුගමනය කරන බොහෝ
දෙනාගේ අවධානයට ලක් වන අනෙකුත් අංශයන් ය.
Wiccan Rede
Wiccan Rede, විකා දහමේ මූලිකම ඉඟැන්වීමක් ලෙස දැක්විය හැක. මෙය වාක්‍ය 26 කින් යුත් එකතුවකි. මෙහි ඉතාම වැදගත්
කොටස ලෙස සැලකෙන්නේ අවසාන වාක්‍ය වන An' it harm none, Do as you will (කිසිවෙකුටත් හානියක් නොවේනම් කැමති
ලෙස කරව) යන්නයි. එය තුල විකා දහමේ මූලිකම නීතිය අඩංගු වේ. නීතිය ලෙස සඳහන් කලද මෙය කිසිවිටෙකත් නියම කිරීමක්
ආකාරයෙන් අදහස් කර නැත. එහි ගැඹුරු අර්ථය වන්නේ කිසිවෙකුටත් හානිදායක නොවන (යහපතක් වන) ක්‍රියාවක් නම් බිය විය
යුතු නැති බවත්, කිසිවෙකුට හෝ හානිදායක වන බව දන්නේනම් ඉන් වැලකීමට උත්සාහ ගත යුතු බවත් ය. තමා විසින් අන් අය
කෙරෙහි වන බලපෑම සෑම විටම තමා කෙරෙහි සිදුවන බලපෑමක් සේ සිතා බලා එය තීරණය කල යුතුය.
නිසා නොව.
විකා Rede වල අවසාන පෙල "Eight words ye Wiccan Rede fulfill, An’ it harm none, Do what ye will." යන්නයි. අප
ඉහත විග්‍රහ කල ශික්ෂණය පිලිබඳ සියලුම කාරණා මෙමගින් ආවරණය වේ. එනම් කිසිවෙකුට හෝ කිසිවකට හානියක් නොවන
යහපත් දෙයක් නම් තමාට කැමති ඕනෑම දෙයක් කල හැකි බවය. මෙමගින් පුද්ගලයෙකුට තමා කැමති දෙයක් කිරීමේ නිදහස
ලබාදෙන අතර කුමනාකාරයේ හෝ හානිදායක ක්‍රියාවක් කිරීමෙන් වැලකිය යුතු බවට එම නිදහසට සීමාවක් පනවයි.
පූජා-කර්ම සහ අභිචාර
මෙදින රාත්‍රියේ බ්හෞතික සහ අධ්‍යාත්මික ලෝක දෙක අතර පරතරය අඩු වන බව විශ්වාස කරයි. තවද අප අතරින් වෙන් වුන
මල ගිය ආත්ම නැවත අප අතරට පැමින අප සමඟ එක්ව මෙම සංවත්සරය සැමරිය හැකි බවට විශ්වාසයක් ඇත. එම නිසා මෙම
සංවත්සරය සැමරීමේදී මල ගිය ආත්ම වලටද ආරාධනා කරනු ලබයි.
වර්ශය සෘතු අටකට බෙදා දක්වා ඇත. මේවා අතර ප්‍රධාන සෘතු සතරක් සහ අවෂේශ සෘතු සතරක් වේ. එනම්,
* Lughnasadh
* Samhain
* Imbolc ()
* Beltane
මේවායෙන් Samhain සිට Beltane දක්වා කාලය වර්ශයේ අඳුරු අර්ධය ලෙස හැඳින්වේ. නැවත Beltane සිට Samhain දක්වා
කාලය වර්ශයේ ආලෝකමත් අර්ධයයි. එම නිසා වසරේ වැදගත්ම සංවත්සර දෙක වන්නේ මෙම Samhain සහ Beltane ය.
විකා (Wicca) සහ Witchcraft 9
පොහොය
පූර්ණ චන්ද්‍රයා (හෝ පුර සඳ) පායන පුර පසොලොස්වක පොහොය යනු විකා වල ඉතා වැදගත් දිනයකි. වර්ශයකට පුර
පසොලොස්වක පොහොය දහ තුනක් ඇත. මෙය ඇති වන්නේ සූර්යයාගේ ආලෝකය චන්දයා මත සම්පූර්ණයෙන්ම වැටී පරාවර්තනය වන
විටය.
විකා - පූජාකර්ම
අපි මෙහිදී සටහන් කරන්නේ විකා, ප්‍රායෝගිකව භාවිතා කිරීම ගැනයි. විකා අවබෝධ කර ගැනීමට ඇති හොඳම ක්‍රමය එය
ප්‍රායෝගික්ව භාවිතා කිරීමයි.
පුර පසලොස්වක සඳ ඇති රාත්‍රීන් (Sabbat) වලදී සහ සෘතු සංවත්සර දින අටෙහිදී (Esbat) සාමාන්‍යයෙන් මෙම පූජා කර්ම සිදු
කරනු ලබයි. පුර පසලොස්වක සඳ ඇති දින වලදී චන්ද්‍ර දේවතාවිය වන්දනා කිරීමත් සෘතු සංවත්සර දින වලදී සූර්ය දෙවියන්
වන්දනා කිරීමත් මූලික වේ. නමුත් මෙම පූජා කර්ම දෙකෙහිදීම දෙවියන් සහ දේවතාවිය දෙදෙනාම වන්දනා කරනු ලබයි.
විකා පූජා කර්මයක මූලික පරමාර්ථය චාරිත්‍ර පූජාවක් වශයෙන් දෙවියන් සහ දේවතාවිය වන්දනා කිරීමයි. නමුත් පූජා කර්මය
අතර මැද මායා මන්ත්‍ර ශාස්ත්‍ර (Magic/Witchcraft) සඳහා යොදා ගත හැක. විකා පූජාකර්මයක් අතරමැද යොදාගත් විට මායා
මන්ත්‍ර ශාස්ත්‍ර වඩා බලවත් සහ සාර්ථක වේ. සෘතු සංවත්සර දින මේ සඳහා ඉතා යෝග්‍ය වන බලවත්, ඓශ්චර්යමත් දින අටකි.
පුර සඳ ඇති පසලොස්වක දින 13ද මායා මන්ත්‍ර ශාස්ත්‍ර සඳහා යෝග්‍ය වේ. මායා මන්ත්‍ර ශාස්ත්‍ර වලින් යමක් ලබා ගැනීම,
වර්ධනය කර ගැනීම වැනි දේ සඳහා පසලොස්වක දිනට පෙර දිනයත්, යමක් දුරු කිරීම, නැති කිරීම වැනි දේ සඳහා පසලොස්වක
දිනට පසු දිනයත් යොදා ගැනීම වඩා යෝග්‍ය වේ.
පූජා කර්මයක් ප්‍රධාන කොටස් 9කින් යුක්තයි. මේවා නම්:
1. තමා පිරිසිදු වීම
2. අවකාශය පිරිසිදු කිරීම
3. ශුද්ධ වූ අවකාශය සැකසීම (වෘත්තය)
4. දේවාරාධනය
5. පූජා කර්මය (පසලොස්වක සහ සෘතු සංවත්සර)
6. ශක්තිය නැංවීම (මායා මන්ත්‍ර ශාස්ත්‍ර සඳහා)
7. ශක්තිය බිම් ගැන්වීම
8. දෙවියන්ට සහ දේවතාවියට ස්තූති පිදීම
9. වෘත්තය විවෘත කිරීම
විකා පූජා කර්ම සිදු කරන දින සහ විකා වලදී භාවිතා කරන පූජා භාන්ඩ ගැනත් පූජා කර්මයක මෙම කොටස් 9 ගැනත් ඉදිරි ලිපි
වලින් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමු.
පූජා භාන්ඩ
අභිචාර විධි සඳහා යොදාගන්න උපකරණ බොහෝමයක් අතුරෙන් ඉතාම වැදගත්,
ප්‍රධාන ලෙස සලකන්නේ ප්‍රධාන සතර මහා භූත හා සම්බන්ධ මේවාය.
විකා (Wicca) සහ Witchcraft 10
මේ ප්‍රධාන උපකරණ වලට අමතරව වෙනත් බොහෝ දෑ තිබුනද ඒවායේ භාවිතය සම්ප්‍රදායෙන් සම්ප්‍රදායට වෙනස් වේ.
බොහෝ දෙනා පිලිගන්නා පරිදි ඉතා වැදගත්ම උපකරණය වන්නේ පුද්ගලයෙකුගේ මනසයි.
විකා පූජා කර්මයක් හෝ මායා මන්ත්‍ර ශාස්ත්‍ර සිදු කිරීමේදී අවශ්‍ය වන මූලිකම වස්තු දෙකක් නම් අල්තාරය සහ වෘත්තයයි.
පූජා කර්මයේ හෝ මායා කර්මයේ සියලුම කටයුතු සිදු කරන්නේ වෘත්තය තුල සිටයි. පූජා භාන්ඩ සහ මායා කර්ම සඳහා අවශ්‍ය
දෑ තැබීමට අල්තාරය භාවිතා කරයි.
වෘත්තය බිම සලකුනු කරන සීමාවකි. පූජා කර්මය සිදු කරන කාලය තුලදී වෘත්තය තුල සිට පිටතටත් පිටත සිට ඇතුලටත්
කිසිවෙක් ගමන් නොකල යුතුය. එසේ ගමන් කල යුතුම වීනම්, වෘත්තය හරහා දොරක් විවර කර ගමන් කල යුතුය.
වෘත්තය අඩි 5 සිට අඩි 9 හෝ ඊට වඩා විශ්කම්භයක් ඇති ලෙස නිර්මානය කල හැක.
වෘත්තය සැකසීමේදී මුලින්ම එහි මැද Atheme (කිනිස්ස) හෝ කඩුව සිටුවා එය වටා
ලනුවක් දමා ගත යුතුය. ඉන් පසු ලනුවේ අනෙක් කෙලවර ඒ වටා වෘත්තාකාරව
ගෙන යමින් පොලොවේ සටහන් කර ගත යුතුය. එලිමහනේ නම් පොලොව හෑරී යන
ලෙස දන්ඩකින් ලකුනු කල හැක. නැතිනම් තවත් ලනුවක් තැබීමෙන් සලකුනු කල
හැක. ගොඩනැඟිල්ලක් තුල දී නම් හුනු කූරකින් හෝ ලනුවක් තැබීමෙන් යන ක්‍රම
දෙකටම වෘත්තය සටහන් කල හැක.
පොලොව හරහා කැපෙන සීමාව වෘත්තය වේ. මෙම් ගෝලය තැනෙන්නේ Atheme හරහා ඔබ යොමු කරන ඔබේ අභ්‍යන්තර ජීව
ශක්තියෙනි. ඉන් පසුව වෘත්තය වටා සුවඳ දුම් ගෙන යමින් වෘත්තය සෑදීම අවසන් කල යුතුය.
වෘත්තය ආරම්භ කිරීමෙන් පසු එය ආරක්ෂා කිරීමට සතර දිශා වල මුර දේවතාවන්ට ආරාධනා කල යුතු වේ. සතර දිශා වල මුර
දේවතාවන්ට වර්ණ ඉටි පන්දම් සතරක් දල්වා වෘත්තය තුල සතර දිශා වලින් තබා ඔවුන්ට ආරාධනා කල යුතුයි.
• උතුර - පොලොව - කොළ
• නැගෙනහිර - සුලඟ - කහ
• දකුණ - ගින්න - රතු
• බටහිර - ජලය - නිල්
මුර දේවතාවුන් ආරාධනා කිරීමට මෙසේ කිව යුතුය.
Guardian Angles of the Watchtowers of North, Spirits of Earth, I invite you to protect this circle.
උතුරට අධිපති මුර දේවතාවුනි, පොලොවට අධිපති භූතයිනි, මම නුඹට ආරාධනා කරමි, මෙම වෘත්තය ආරක්ෂා කිරිමට.
Guardian Angles of the Watchtowers of East, Spirits of Air, I invite you to protect this circle.
නැගෙනහිරට අධිපති මුර දේවතාවුනි, සුලඟට අධිපති භූතයිනි, මම නුඹට ආරාධනා කරමි, මෙම වෘත්තය ආරක්ෂා කිරිමට.
Guardian Angles of the Watchtowers of South, Spirits of Fire, I invite you to protect this circle.
දකුණට අධිපති මුර දේවතාවුනි, ගින්නට අධිපති භූතයිනි, මම නුඹට ආරාධනා කරමි, මෙම වෘත්තය ආරක්ෂා කිරිමට.
Guardian Angles of the Watchtowers of West, Spirits of Water, I invite you to protect this circle.
බටහිරට අධිපති මුර දේවතාවුනි, ජලයට අධිපති භූතයිනි, මම නුඹට ආරාධනා කරමි, මෙම වෘත්තය ආරක්ෂා කිරිමට.
මෙසේ වෘත්තය ආරම්භ කිරීමෙන් පසු දෙවියන් සහ දේවතාවිය ආරාධනා කල යුතුයි.
විකා, සාහිත්‍යය
And ye shall be free from slavery, and as a sign that ye be really free, ye shall be naked in your rites, both men and
women, and ye shall dance, sing, feast, make music, and love, all in my praise.
පෘථිවි තලය මතදී වුවද ඔබට අමරණීයත්වයේ අමෘතය රස බැලීමට රහස්‍ය දොරටුවක් මා තනා ඇත.
There is a Secret Door that I have made to establish the way to taste even on earth the elixir of immortality.
"සැපතද, පෘථිවිය මත සතුටද මගේම වේවා, මටත් වේවා" යැයි කියනු, මා ඓශ්චර්යමත් දේවතාවියයි.
Say, `Let ecstasy be mine, and joy on earth even to me, To Me,' For I am a gracious Goddess.
මා ඔබට නොසිතූ අයුරු සැපයද පෘථිවි තලය මතදීම දෙමි, නියතයෙන් ම ජීවිතය පුරා හුදු විශ්වාසය නොව!
I give unimaginable joys on earth, certainty, not faith, while in life!
මරණයෙන් මතුද, වචන නොමැති සාමයේ සැපතද සුවයද දෙමි, බිලි වශයෙන් කැප නොඉල්ලමි!
And upon death, peace unutterable, rest, and ecstasy, nor do I demand aught in sacrifice."
ප්‍රධාන පූජකයා / Magus:
තරිඳුපති වූ දේවතාවියගේ වචන අසව.
"Hear ye the words of the Star Goddess."
ප්‍රධාන පූජක වරිය / High Priestess:
මලානික වූද ප්‍රාණවත් වූද, සැඟවුනා වූද ප්‍රභාමත් වූද සියල්ලනි මා නුඹට ආදරය කරමි, අනුකම්පා කරමි."
I love you: I yearn for you: pale or purple, veiled or voluptuous.
අත්‍යන්ත හැඟීම තුල ප්‍රභාමත් වූ සැපයේ මත් බව මා වෙමි, නුඹ කැමැත්තෙමි.
I who am all pleasure, and purple and drunkenness of the innermost senses, desire you.
ඔබ තුල දරණ ගැසී සැඟවුනු මහත් බව තටු ලැබ නැගී ආයෙමි.
Put on the wings, arouse the coiled splendor within you.
සියලු තාරකා වල අභ්‍යන්තරයේත් සියලු මනුශ්‍යයන්ගේ හදවත් තුලත් දිලෙන ගිනි දැල්ල මා වෙමි, මා වෙත එව.
Come unto me, for I am the flame that burns in the heart of every man, and the core of every Star.
ඔබේ අත්‍යන්ත දිව්‍යමය ශරීරය අනන්ත සතුටේ අනවරත උද්යෝගය තුල ගිල්වන්න.
Let it be your inmost divine self who art lost in the constant rapture of infinite joy.
සුන්දරත්වයත් සතුටත් මුසුව නිවැරදිව වන්දනා කරන්න.
Let the rituals be rightly performed with joy and beauty.
සතුටේත් ආදරයේත් සියලු හැසිරීම මා වෙත කෙරෙන වන්දනාවන් බව මතක තබා ගන්න.
Remember that all acts of love and pleasure are my rituals.
සුන්දරත්වයත් ජවයත්, පොපියන හසරැලිත්, බලයත් තේජසත් ඔබ තුල වේවා.
So let there be beauty and strength, leaping laughter, force and fire by within you.
එතෙකුදු ඔබ මෙසේ කියයි නම්, එනම් "මා ඔබ වෙත සොයා පැමිණියද ඵලක් වූයේ නොමැත";
And if thou sayest, `I have journeyed unto thee, and it availed me not,`
නො එසේනම් ඔබ කිව යුතූ, " මා ඔබ යැද සිට, ඉවසා බලා සිටීමි, හෝ!, ඔබ මා සමඟ ආරම්භයේ සිටම සිටියාය!"
rather shalt thou say, `I called upon thee, and I waited patiently, and Lo, thou wast with me from the eginning,`
එවිට, සියලු ආශාවන්ගේ කෙලවර හෝ මා පැතූවන් මා හමු වේ.
for they that ever desired me shall ever attain me, even to the end of all desire.
විකා (Wicca) සහ Witchcraft 13
මායාකාරීන්ගේ දේවවාක්‍ය
ඩයානා, ඇගේ දියණිය අරඩියා අමතා මෙසේ කීය... නුඹ, සත්‍යයෙන්ම දේවාත්මයකි, නමුත් නුඹ උපන්නේ නැවත මනුශ්‍ය භාවය
ලබන්නටයි; මනුශ්‍ය ලෝකයට ගොස් නුඹගේ පාසැලේ මායා මන්ත්‍ර ශාස්ත්‍ර ඉගෙනුමට රිසි ගැහැනුන්ට සහ පිරිමින්ට ගුරුවරිය
විය යුතුයි. E vero che tu sei uno spirito, Ma tu sei nata per essere ancora, Mortale, e tu devi andare Sulla terra e fare
da maestra A donne e a’ uomini che avranno Volentà di inparare la tua scuola Che sara composta di stregonerie.
නුඹ, "කයින්" ගේ දියණිය මෙන් නොවිය යුතුය, ඉතා නපුරු වූත් දුක් ගෙන දෙන්නා වූත් සොරුන්, මංපහරන්නන් සහ කපටීන් වූ
යුදෙව්වන්ට හෝ අහිකුණ්ඨිකයින්ට නූගැන්විය යුතුය. Non devi essere come la figlia di "Caino", E della razza che sono
devenuti Scellerati infami a causa dei maltrattamenti, Come Giudei e Zingari, Tutti ladri e briganti, Tu non divieni...
නුඹ සියලු මායාකාරීන් අතර අග්‍ර වේ, ලෝකයේ සියල්ලන්ටම අග්‍ර වේ. {සමහර කොටස් ඉවත් කර ඇත} Tu sarai (sempre) la
prima strega, La prima strega divenuta nel mondo, Tu insegnerai l’arte di avvelenare, Di avvelenare (tutti) i signori,
විකා (Wicca) සහ Witchcraft 14
Di farli morti nei loro palazzi, Di legare il spirito del oppressore, E dove si trova un contadino ricco e avaro,
Insegnare alle strege tue alunne, Come rovinare suo raccolto Con tempesta, folgore e balen, Con grandine e vento.
http:/ / bp1. blogger. com/ _7knLhiVNnxM/ SDWbgNPCPHI/ AAAAAAAAANI/ rytxRDzWCek/ s400/
GoddessAradia. jpg යම් කිසි පූජකයෙක් ඔහුගේ දේශනයෙන් ඔබට යම් පීඩාවක් කරයිද, ඔහුට එම පීඩාව දෙගුණ කර දෙන්න;
එය මාගේ නාමයෙන්, එනම් "සියලු මායාකාරීන්ගේ රැජින වන ඩයානා" ගේ නාමයෙන් කරන්න. යම් කිසි පූජකයෙක් හෝ
ධනවතෙක් ඔබට ඔවුන් "ගේ පීතෘත් පුත්‍රයාත් සහ මාරියා ත් ගැන අදහාගනනුව"යි කියයි නම්, "තොපගේ දෙවියන් ද පීතෘ ද
මාරියා ද යක්ශයින් තුන් දෙනෙකි" යි පිලිතුරු දෙන්න. "තොපගේ දෙවියන් සත්‍ය වූ දෙවියන් නොවේ, මා පැමිණියේ නපුරු වූ
දුර්ජනයා අතුගා දැමීමටයි, විනාශ කිරීමටයි!" Quando un prete ti fara del male, Del male colle sue bene di "Zioni, Tu le
farei (sempre) un doppio male Col mio nome, col nome di /Diana/, Regina delle streghe..." Quando i nobili e prete vi
diranno Dovete credere nel Padre, Figlio, E Maria, rispondete gli sempre, “Il, vostro dio Padre e Maria Sono tre
diavoli... Il vero dio Padre non e il vostro - Il vostro dio - io sono venuta Per distruggere la gente cattiva E la
distruggero.... දුක්පත් වූ ද සාගතයෙන් පීඩිත වූද පීඩා කරනු ලැබූ හා සිරකර තැබූ ද මිනිසුනි, තොපටද ආත්මයක් ඇත, ඒ ආත්මයට
පරලොවදී යහපතක් ම වනු ඇත, ඔබට පීඩා කල සියල්ලන්ටම වන්නේ නපුරක් ම ය. Voi altri poveri soffrite anche la fame, E
lavorato malo e molte volte; Soffrite anche la prigione; Mapero avete una anima, Una anima più buona, e nell’altra,
Nell’altra mondo voi starete bene, E gli altri male.”... ඉදින් ඈ අරඩියාට සියලු මන්ත්‍ර ශාස්ත්‍ර ද නපුර විනාශ කරන
ආකාරයද උඟන්වා දී ශිශ්‍ය ශිශ්‍යාවන්ට මෙසේද කියන්නැයි කීවාය... මා මේ ලෝකයෙන් සමු ගත් දිනෙක, ඔබට යම් කිසි හෝ
උවමනාවක් වේ ද, පුර සඳ පායා ඇති දිනෙක කාන්තාර (පාලු) භූමියක හෝ වනාන්තරයක සියලු දෙනා රැස් වන්න. මාගේ මව වූත්
ඔබේ රැජිනිය වූත් ඩයානා ගේ බලවත් වූ ආත්මය වන්දනා කරන්න. මායා මන්ත්‍ර ශාස්ත්‍ර සියල්ල ඉගෙනුමට රිසි වූත් එහි ගැඹුරු
රහස් නොදත් ඇයට මාගේ මව ඒ සියල්ල කියා දෙනු ඇත. Quando io saro partita da questo mondo, Qualunque cosa che
avrete bisogna, Una volta al mese quando la luna E piena... Dovete venire in luogo deserto, In una selva tutte
insieme, E adorare lo spirito potente Di mia madre Diana, e chi vorra Imparare la stregonerie, Che non la sopra, Mia
madre le insegnera, Tutte cose.... ඔබ සියලු දෙනාම සියලු බාධක වලින් නිදහස් වනු ඇත, එයට සංකේත වශයෙන් සියලු
මිනිසුන් සහ ගැහැනුන් නිර්වස්ත්‍රව සිට වන්දනා කල යුතුය; ඔබට විරුද්ධ වන්නන්ගෙන් අන්තිමයාද මරණයට පත් වන තුරු
මෙසේ කල යුතුය. ආලෝකය නිවා දමා ක්‍රීඩා කරන්න, ඉන් පසු ඔබේ භෝඡන උත්සවයද පවත්වන්න. Sarete liberi della
schiavitù! E cosi diverrete tutti liberi! Pero uomini e donne Sarete tutti nudi, per fino. Che non sara morto l’ultimo
Degli oppressori e morto, Farete il giuoco della moccola Di Benevento, e farete poi Una cena cosi:
චන්ද්‍රාරාධනය (සහ පංචවිධ සිපාචාරය) - Drawing Down the Moon (and The Fivefold Kiss)
ප්‍රධාන පූජක වරිය දෑත් හරස් කර ගෙන දේවතාවියගේ ඉරියව්වෙන් අල්තාරය ඉදිරිපස සිටගෙන සිටී.
High Priestess stands in front of Altar, assumes Goddess position (arms crossed).
ප්‍රධාන පූජක වරයා ඈ ඉදිරිපිට දණ නමා යශ්ඨියෙන් ඇය මත පස් කොන් තරුව (pentacle) අඳී.
Magus, kneeling in front of her, draws pentacle on her body with Wand,
ඉන්පසු මෙසේ ආරාධනා කරයි, "සියලුම ජීවයේත්, ශශ්‍රීකත්වයේත් ඓශ්චර්යමත් මාතාවට මා ආරාධනා කරමි. බීජයෙන් ද මූලයෙන්
ද, අරටුවෙන් ද කැකුළෙන් ද, පත්‍රයෙන් ද පුශ්පයෙන් ද ඵලයෙන් ද, ජීවයෙන් ද ප්‍රේමයෙන් ද මා ඔබට ආරාධනා කරමි, නුඹගේ
සේවකයානන් වූ අපගේ ප්‍රධාන පූජක වරිය [නම] තුලට පැමිණෙන ලෙස.
invokes, "I Invoke and beseech Thee, O mighty Mother of all life and fertility. By seed and root, by stem and bud, by
leaf and flower and fruit, by Life and Love, do I invoke Thee to descend into the body of thy servant and High
Priestess [name]."
චන්ද්‍ර දේවතාවිය ප්‍රධාන පූජක වරිය තුලට ආරාධනා කිරීමෙන් පසුව ප්‍රධාන පූජක වරයා සහ අනෙකුත් පුරුශයින් ඇයට
පංචවිධ සිපාචාරයෙන් ආචාර කරයි.
The Moon having been drawn down, i.e., link established, Magus and other men give Fivefold Kiss:
(දෙපා සිපගනිමින්) ආසිරි වේවා නුඹේ දෙපතුල්, නුඹ මේ මඟ ගෙන ආ;
(kissing feet) "Blessed be thy feet, that have brought thee in these ways";
(දෙදන සිපගනිමින්) ආසිරි වේවා නුඹේ දෙදණ, ශුද්ධවූ අල්තාරය අබියස දණ නමන;
(kissing knees) "Blessed be thy knees, that shall kneel at the sacred altar";
විකා (Wicca) සහ Witchcraft 15
(ගර්භය සිප ගනිමින්) ආසිරි වේවා නුඹේ ගර්භය, අපට උපත දුන්;
(kissing womb) "Blessed be thy womb, without which we would not be";
(පියයුරු සිප ගනිමින්) ආසිරි වේවා නුඹේ පියයුරු, සුන්දරත්වයෙන් සහ ශක්තියෙන් සැදුම්ලත්;
(kissing breasts) "Blessed be thy breasts, formed in beauty and in strength";
(දෙතොල් සිප ගනිමින්) ආසිරි වේවා නුඹේ දෙතොල්, ශුද්ධ වූ නම් තෙපලන;
(kissing lips) "Blessed be thy lips, that shall speak the sacred names."
සියලුම කාන්තාවන් හිස නමා ආචාර කරයි.
Women all bow.
ආඥාව (The Charge) කියවන්නේ මෙයින් පසු ය.
යහපත් වන්දනාකාරිය සහ කුණාටු ගෙදර (La Bella Pellegrina della Casa al Vento)
මෙය "මායාකාරීන්ගේ-දේවවාක්‍ය" පොතට මූලික වශයෙන් අයිති නැති වුවද මැඩලේනා විසින් දීර්ඝ අත්පිටපතක් ලෙස ලද නිසා
ලේලන්ඩ් විසින් Aradia පොතට ඇතුලත් කර තිබේ. මෙහි අඩංගු වන්නේ මධ්‍යකාලීන-යුගයේ අවසාන භාගයේ ඉතාලියේ සිදුවූ සත්‍ය
සිදුවීම මාලවක් ඇසුරෙන් ගොඩනැගුනු කථාවකි.
ඉතාලියේ කඳුකර පෙදෙසක වොල්ටෙරා නමින් ඉතා රමණීය නගරයක් වෙයි. ඒ නගර සීමාසන්නයේ කන්දක් පාමුල කුඩා නිවසක්
වෙයි. මේ නිවස අදටත් හඳුන්වන්නේ "කුණාටු ගෙදර" යන නමිනි. ඒ අසලම කලකට පෙර කුඩා මාලිගාවක් බඳු වූ මැදුරක් විය. ඒ
නිවසේ විසූ යුවලට සිටියේ එකම දරුවෙකි, ඈ දැරියකි. ඇයට ඔවුන් බොහෝ ආදරය කලෝය. නමුත් ඇයට ඉතා දරුණු හිසේ රුදාවක්
වැලඳෙමින් තිබූ නිසා ඔවුන්ට මහත් ගැටලුවක් විය.
දිනෙන් දින ඈ උස් මහත් වී වැඩෙන්නට විය, මේ අතර ඇගේ සුළුමවගේ දේව භක්තියද දිනෙන් දින වැඩෙන්නට විය. ඇගේ සුළුමවගේ
වුවමනාව වූයේ කෙදිනක හෝ තම දුව මහණ කරවීමටය. මෙයට කොහෙත්ම කැමති නුවූ කුමරිය කියා සිටියේ ඇයට අවශ්‍ය අන්
කුමරියන් සේ විවාහ වීමට බවයි.
දිනෙක ඈ කවුලුවෙන් පිටත බලා සිටින අතර තුරු ලිය ගොමුවක කුරුල්ලන් සෙල්ලම් කරනු දිටීය, ඒ දැක තම සුළුමවට කියා සිටියේ
කෙදිනක හෝ ඇගේම දරු දැරියන්ට මැදිව සතුටින් ගයමින් සිටීමට ප්‍රිය කරන බවයි. මේ අසා ඇගේ සුළුමවට බොහෝ කෝප ඇති විය;
ඉන්පසු ඇගේ දෑත් බැඳ තැබීය. බොහෝ සේ හැඩූ ඇය කියා සිටියේ කෙදිනක හෝ පලා යන බවත් තම සුළුමවගේ අදහසට කොහෙත්ම
ඉඩ නොදෙන බවත් ය. කුඩා කල පටන් හිතුවක්කාර ගති තිබූ දැරියගේ මේ කථාවෙන් සුළුමවට බියක් ද ඇති විය. ඇයට තිබූ අනෙක්
බිය නම් තම දැරියට දැනටමත් පෙම්වතෙක් ඇති ද යන්නයි; එසේ වූයේනම් බොහෝ කලහ ඇති විය හැක.
සුළුමවගේ මීලඟ උපාය වූයේ දියණිය ට කුලවත් ගුරුවරියකගේ ඇසුර ලබා දී සිත වෙනස් කරවීමටයි. ඉතා වියපත් වූත් බුද්ධිමත්
බව නිසා ප්‍රසිද්ධ වූත් අසල්වැසි කාන්තාව ගැන අගේ මවට මතක් විය, ඇගේ දියණියගේ හදවත භක්තියෙන් පිරවීමටත් තමාගේ
කීමට නම්මවාගැනීමටත් සුදුසුම වන්නේ තමාගේ අසල්වැසි නිවැසි වියපත් කාන්තාවම බව ඇය සිතුවය. එම වියපත් කාන්තාව
කැඳවූ ඇය, බොහෝ මුදල් ද දී තම දැරිය දිවා රෑ බලා ගැනීමට එම පාලිකාවට පැවරීය. විරෝධය පා කලහ කිරීම වෙනුවට දැරියද
පාලිකාව සමඟ මිතුරු විය. කෙසේ වුවද ලෝකයේ ඒ ඒ දේ අප කැමති ලෙසම සිදු නොවේ, ගංඟාවක වැලි ගල් අතර මොන ආකාරයේ
මත්ස්‍යයින් සැඟව සිටිත්දැයි කවුරු දනිත් ද? ඒ ආකාරයටම මේ ගුරුවරියද, දැරියගේ සුළුමව සිතා සිටි ආකාරයේ භක්තියකින්,
ඇදහීමකින් යුත් තැනැත්තියක් නුවූවාය. ඈ කිසි විටෙක දැරියගේ සුළුමවට අවැසි ආකාරයේ බලපෑමක් නොකලාය.
සඳ ඇති දින වල සඳලුතලයේ වැතිරී රෑ කොබෙයියන් ගේ හඩට සවන් දීම මේ දැරිය පුරුද්දක් කරගෙන සිටියාය. එසේ සිටි එක් දිනක
ඇගේ පාලිකාව මහා සඳලුතලයේ සිටිනු විවෘත කර තුබූ දොරෙන් ඇයට ඇසින. මීලඟ දිනයේත් ඒ හඩ ඇසුන හෙයින් ඈ ඉතා සෙමෙන් සහ
නිශ්ශබ්දව විවෘත කර තුබූ දොරෙන් මහ සඳලුතලයට පිවිසියාය. එතැනදී ඇය දුටුවේ ඇගේ පාලිකාව සඳ එලිය වැටී තුබූ තැනෙක
දණ නමා යමක් මුමුනමින් සිටින බවයි. ඒ කිසිවක් ඇයගේ අවබෝධයට හසු නුවූයෙන් ඇගේ කුකුස තව තවත් වැඩි විය. මේ
සියල්ලෙන්ම මදක් පමණ බියට පත්ව සිටි ඇය දුටු සියල්ලම තම පාලිකාවට පවසා සිටියාය.
ඉදින් දැරියගේ පෙරැත්තය නිසාම ඈ බන්ධනය කර රහස්‍ය භාවය පිලිබඳ දිව්රුමක් ද ගෙන මෙසේ කියා දුන්නාය. "මමද පෙර නුඹ
මෙන්ම පූජකයන් විසින් උඟන්වනු ලදුව නොපෙනෙන දෙවි කෙනෙක් උදෙසා වන්දනා කලෙමි. නමුදු පසුව මට හමුවූ ඉතා හිතෛශී,
විශ්වාසවන්ත මහලු ස්ත්‍රියක් කෙරෙන් මේ ඉඟෙනුමට ලැබුනි, 'මහත් වූ ශ්‍රීයෙන් ද යුක්තව පායා සිටින චන්ද්‍රයා පෙනෙන්නට
සිටිද්දී, නොපෙනෙනාවූ දෙවි කෙනෙකු වන්දනා කරන්නේ කිමද. චන්ද්‍රාධිපති ඩයානා දේවතාවිය කැඳවන්න, ඈ ඔබගේ කැමැත්තද,
ඉල්ලීමද ඉටු කරනු ඇත.'"
විකා (Wicca) සහ Witchcraft 16
තරුණ දැරියද මීට බොහෝ සේ කැමතිව චන්ද්‍ර දේවතාවිය වූ ඩයානා වන්දනාවට හැරවුනාය. ඉදින් ඇගේ මුලු හදවතින්ම
තරුණයෙකුගේ ආලය පතා යැද නොබෝ කලකින්ම ධනවත් නිර්භීත කුමාරයෙකුගේ අවධානයද කැමැත්තද දිනාගත්තාය. ඇගේ
සුළුමව මේ බව දැන ඇගේ අභිප්‍රාය ඉටුකිරීමට බාධාවක් හෙයින් බොහෝ සේ කෝප වූවාය. ඉදින් මේ තරුණයා ඇගේ නිවසට පැමිණ
තරුණිය විවාහ කර ගැනීමේ තම අදහස ප්‍රකාශ කල විට ඇගේ සුළුමව ඔහුව එලවා දැමීය, තවද, තම දුව මහණ වීමට පොරොන්දු
දී ඇති බවත් ඇය එසේ නොකලහොත් මරණයට පත් වනු ඇති බවද කියා සිටියාය.
ඉන්පසු සුළුමව විසින් මේ දැරිය එක් ටැම් කුළුනක සිර කර තබනු ලැබීය, ඇගේ පාලිකාව වූ මහලු ස්ත්‍රියට පවා ඈ දැකුමට ඉඩ
නොදුන්නාය. සුළුමවගේ කැමැත්තට එකඟ වන තුරු කටුක වූත් ශීත වූත් ගල් පොලොවේ නිදීමටත් දිවි රැකුමට පමණක් වූ සුලු
ආහාරයකුත් දෙනු ලැබීය. ඒ දුක් ඉවසනු නොහැකිව, ඈ නිදහස් කරනු පිණිස ඩයානා යැද සිටියාය. හෝ, එවිටම ඇගේ සිර කුටියේ
අගුලු හැරිණි, ඈ පහසුවෙන්ම ගැලවී ගියාය. ඒ අසලම දමා ගොස් තිබූ වන්දනා කරුවෙකුගේ කබායක් හැඳගත් ඇය ඉතා ඈත පෙදෙස්
බලා ගියාය.
ඈ ගිය ගමනේ හමුවූ පීඩා කරනු ලැබූ හා දුකට පත් වූ බොහෝ දෙනාට පුරාණ ඇදහීම වූ චන්ද්‍රයාගේත්, සුරදූතියන්ගේත් රැජින වූ
ඩයානා ගැන කියා දුන්නාය. ඇගේ නුවණත් රූ සපුවත් ගැන දේශය පුරා පතල විය, බොහෝ ජනයා ඇයට ගෞරව කලහ, "යහපත්
වන්දනාකාරිය" යන නමින් ඈ හැඳින්වින.
අවසානයේ ඈ පිළිබඳ පුවත ඇගේ සුළුමවගේ කණටද පැමිණියේය. මේ පුවත ඇයට පෙර නුවූ තරම් වූ කෝපාග්නියක් ගෙනාවේය.
කෙසේ හෝ උත්සාහ ගෙන ඇය තම සුළුදියණිය අත්අඩංගුවට ගෙන සිර කර තැබිය. අවසාන වතාවටද ඇගේ සුළුමව ඇගෙන් මහණ
වීමට කැමතිදයි ඉතා රෞද ලෙස අසා සිටියාය. ඈ එයට එකහෙලා විරුද්ධ විය.
ඒ අසා තම සුළුදියණිය කෙරෙහි තිබූ සියලු හැඟීම් අත් හැර, ඈ වධ දී මරා දමනු පිණිස පූජකයින්ට බාර කලාය. ඒ කාලයේ
පූජකයින්ගේ අදහස් වලට එකඟ නුවූ හා ඔවුන්ගේ ඇදහීමෙන් ඉවත් වූ සියලු දෙනාටම අත් වූයේ එම ඉරණමමය. නමුත් මෙ අසා
බොහෝ ජනයා දුක් වූහ, මක්නිසාදයත් ඔවුන් ඈගේ රූ සපුවත් යහපත් භාවයත් කෙරෙහි ඉතා ලැදි වූවෝහුය.
කෙසේ හෝ ඇයගේ ප්‍රේමවන්තයාගේ උදව්වෙන් ඔවුන් අන්තිම කැමැත්ත වශයෙන් ඇයට මරණ දණ්ඩනයට පෙර දින රාත්‍රියේ
රකවලුන් මැද තම මන්දිරයේ උද්‍යානයේ ඇවිදීමට අවසර ලබා ගත්තෝය. එම පුර සඳ පායා තුබූ රාත්‍රියේ ඈ උද්‍යානය මැද සඳ
එලියේ දණ නමා තම ජීවිතය ගලවන්නැයි ඩයානා දේවතාවිය යැද සිටියාය. මේ අතර ඇගේ සුළුමවද පූජක වරුද මන්දිරය තුල
සිට ඈ ගැලවී පැනයාවීදෝ යි බලා සිටියහ.
හෝ, එවිටම හදිසියේ මින් පෙර මනුශ්‍යයින් නොදුටු තරමේ දැඩි කුණාටුවක් හටගත්තේය. එම සුලඟට මුලුමහත් මන්දිරයත් ඒ තුල
සිටි සෙනඟ සමඟම ගසාගෙන ගියේ ය. ගලක් පිට තව ගලක් නොසිටින සේම, එහි සිටි කිසිවෙකුගේ ජීවිතයක් ඉතිරි නොවන සේම
විනාශ වී ගියේය, ඈ සහ ඇගේ ප්‍රේමවන්තයා පමණක් ඉතිරි විය. ඔවුන් විවාහ වී බොහෝ කාලයක් සතුටින් ජීවත් වූහ.
නොහැක. බොහෝ දෙනා විසින් අත්හදා බලා සනාථ කර ගත් ක්‍රම වඩා ජනප්‍රිය වී ඇත. නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට
සාර්ථක වන ක්‍රමවේදය හෝ තාක්ශණය වෙනස් විය හැක. එම නිසා විවිධ ක්‍රම සහ විකල්ප අධ්‍යයනය කර තමාට වඩා
සාර්ථක වන ක්‍රමය සොයාගැනීම වැදගත් වේ.
මේ විශය සම්බන්ධව ගැඹුරට හැදෑරීමට කැමති කෙනෙක් වේ නම් ඒ සම්බන්ධව තමා විසින් සොයාගත් කරුණු, ප්‍රගතිය සහ
අත්දැකීම් සටහන් කර තබාගැනීමට විෂේශ පොතක් (Journal) තබාගත යුතුය. එවිට තමාගේ ප්‍රගතියත් වඩා සාර්ථක වූ
ක්‍රමත් හඳුනාගැනීමට හැකිවේ. සාමාන්‍යයෙන් මෙවැනි පොතක් හඳුන්වන්නේ බුක් ඔෆ් ෂැඩෝස් (Book Of Shadows - BOS)
නමිනි. මෙය සාමාන්‍ය සටහන් පොතකට වඩා විශේෂ ලෙස සකසා ආරක්ශිතව තබා ගැනීම වැදගත් වේ. >සෑම බලයකටම
ප්‍රමාණයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් බලයක් ඇත යන්න භෞතික විද්‍යාවේ නියමයකි. එමෙන්ම අප විසින් කරන
සියලුම ක්‍රියාවන්ට ප්‍රතිවිපාක ලැබෙන බව ලෝකයේ ස්වාභාවයයි. එය කර්මය නමින් ද හඳුන්වයි. විකා වල ඉඟැන්වීමට අනුව
අපගේ ඕනෑම ක්‍රියාවක් තුන් ගුණයකින් වැඩිවී නැවත පැමිනේ. මෙය Theefold Law / Law of Three ලෙස හැඳින්වේ. ලෝකයේ
කිසිම තැනක කර්මයේ ප්‍රතිවිපාක වලින් වැලකී සිටිය නොහැකි බවද කියැවේ. අප විසින් කුමන ක්‍රමයක් භාවිතා කලද
ක්‍රියාවන්ට ප්‍රතිවිපාක ලැබේ. එම නිසා මෙම ක්‍රම භාවිතා කිරීමේදී එය තවත් පුද්ගලයෙකුට හානියක් කිරීමට භාවිතා
කිරීමෙන් වැලකිය යුතුය. අනෙක් අයට යහපතක් කිරීමෙන් තමාටත් යහපතක් සැලසේ. භෞතික ලෝකයේ වස්තුවක් චලනය කිරීමේදී
කුඩා වස්තුවක් සඳහා අඩු බලයක් ප්‍රමාණවත් වුවද, වඩා විශාල වස්තුවක් සඳහා වැඩි බලයක් යෙදීමට අවශ්‍ය වේ. ඝර්ශණය
සහ ප්‍රතිරෝධී බල ද මීට එකතු වේ. වස්තුවක් චලනය වීමට දක්වන ප්‍රතිරෝධය ගම්‍යතාවය (Momentum) ලෙස භෞතික
විද්‍යාවේදී හැඳින්වේ. Magick වලද යම් කිසි ක්‍රියාවක් සඳහා යෙදිය යුතු ශක්ති ප්‍රමාණය ඒ ඒ ක්‍රියාවේ ස්වාභාවිකව සිදු වීමට
ඇති සම්භාවිතාවය අනුව වෙනස් වේ. මෙය Magickal Momentum ලෙස හැඳින්වේ. තනි පුද්ගලයෙකුගේ භෞතික ශරීරයට
දරාගත හැකි මට්ටමට වඩා ශක්තියක් භාවිතා වන ක්‍රියාවන් සිදු කිරීමෙන් නොයෙක් ආකාරයෙන් ආබාධ වලටද ගොදුරු විය හැකි
නිසා මෙය ක්‍රමවත් ව සිදු කල යුතුය.
පමණක් පේශි වලට බලය සපයන්න. අනෙක් සියලුම පේශි ඉහිල් කරන්න. ඔබට පහසුම ඉරියව්වක් තෝරාගැනීම වැදගත් වන්නේ
මේ නිසාය. සැතපෙන ඉරියව්ව හැර ඕනෑම ඉරියව්වක් සුදුසුයි. පාද වලට කිසියම් හෝ අපහසුවක් දැනේනම් පුටුවක වාඩි වී
භාවනා කිරීම සුදුසුයි. පුටුවක් තෝරාගැනීමේදී හැකි තරම් ස්වාභාවික අමුද්‍රව්යයන්ගෙන් නිපදවූ ලෝහ කොටස් නොමැති පුටුවක්
තෝරා ගන්න.
ඔබේ සිතේ ඇති සියලුම සිතිවිලි ඉවත් කරන්න. සිතට ඇතුලු වන කිසිම සංවේදනයක් බාරගැනීමෙන් වැලකී සිටීමට උත්සාහ ගන්න.
සිත හිස් කිරීමෙන් ඇති වන විශාල හිස් ඉඩ (void) විඳගන්න. නමුත් ඒ තුල ඇති විඳගැනීම වචන වලට නැඟීම හෝ ඒ ගැන සිතීම සිත
හිස් කිරීමට බාධා කරයි. "මෙය ඉතා පහසුයි" යැයි ඔබට සිතේ නම් එම සිතුවිල්ල ඇති වීමම ඔප්පු කරන්නේ සිත සම්පූර්ණයෙන්
හිස් වී නොමැති බවයි.
සිත සම්පූර්ණයෙන්ම හිස් කිරීම ඉතා අපහසු සහ බොහෝ කාලයක් පුහුණු කල යුතු එහෙත් තත්පර කිහිපයකට වඩා පවත්වාගත
නොහැකි මනසේ තත්වයකි. නමුත් ඒ සඳහා උත්සාහ ගෙන හැකි තරම් මනස හිස් කිරීමම්ම ජයග්‍රහනයක් ලෙස සලකන්න.
සිත සම්පූර්ණයෙන් හෝ බොහෝ වශයෙන් හිස් වූ විට ශුන්‍ය ගුරුත්වය තුල නිදහසේ පහලට වැටෙන ලෙස හෝ ඔන්චිල්ලාවක
පහලට පැද්දෙන විට දැනෙන සංවේදනය ආකාරයේ සංවේදනයක් ඉතා කෙටි කාලයක් තුල දැනේ. සුරන්තයට (orgasm)
පැමිනීමෙන් පසුව ඇති වන සංවේදනයද මීට බොහෝ සමානය.
මද වේලාවකට පසු ඇස, දැකීමට වෙනත් අරමුණක් සොයනු අත් දැකිය හැකි වනු ඇත, තිත ඇසේ නාභියෙන් ඉවත් වීම හෝ සෙලවීම
මෙහි ලක්ශණයකි. එය අවබෝධ වන්නේ තිත ඇසේ නාභියෙන් ඉවත් වී නැවත තිත වෙත නාභිගත වන විටය, නමුත් තිත ඇසේ
නාභියෙන් ඉවත් වීමට උත්සාහ ගන්නා අවස්ථාවේදීම ඊට ප්‍රතිරෝධය දැක්විය යුතුය. ඇස ඉන් ඉවත් වී වෙනත් දෙයක් කෙරෙහි
ඇලීමට ගැටිමට දක්වන සෑම උත්සාහයකටම ප්‍රතිරෝධය දක්වන්න.
මද වේලාවකට පසුව එක්වරම තිත අතුරුදහන් වී යාහැක, ඒ ගැන කලබල නොවන්න, මද විවේකයක් ගන්න. තිත ඉතා කුඩා වූවිට
හෝ ඉන් බොහෝ ඈත් වී සිටි විට හෝ ආලෝකය ප්‍රමාණවත් නොවූ විටද මෙසේ තිත අතුරුදහන් වී යාම අත් දැකිය හැක. තිත අතුරුදහන්
වන්නේ බොහෝ වේලාවක් තිත දෙසම පමණක් ඇස නාභිගත කරගෙන සිටීමට ඔබට හැකි වූ විටය.
ඉටිපන්දම් දැල්ලක්ද භාවනාව සඳහා අරමුණු කර ගත හැක. අඳුරු පරිසරයක තනි ඉටිපන්දමක් පමණක් දල්වාගෙන මෙය
කිරීමෙන් ඇසට විඩාවක් ඇති විය හැකි නිසා ඉටිපන්දම් කිහිපයක් දල්වාගෙන එක් ඉටිපන්දමක දැල්ල දෙස බල සිටින්න. (නැතිනම්
මද ආලෝකය ඇති විදුලි ආලෝකයක්ද යොදාගත හැක) ඉටිපන්දම් දැල්ලද ඇස් මට්ටමින් සහ අතේ දුරින් තබාගන්න. ඉටිපන්දම් දැල්ල
දෙස බලා සිටීමේදී ඒ සමඟ ඒකාත්මික වීමට උත්සාහ ගන්න. එහි ඇති ආලෝකය සහ තාපය තුල සිත රඳවන්න. ඉටි පන්දමේ ඝන
අවස්ථාවේ ඇති ඉටි ද්‍රව අවස්ථාවට පත් වී තිරය දිගේ ඉහලට පැමිණ වාතය සමඟ එකතු වී ගින්දර ඇති වේ, එවිට ආලෝකය සහ
තාපය පිටවේ. අවසන් ප්‍රතිඵලය ලෙස කාබන් ඩයොක්සයිඩ් සහ ජලවාශ්පද පිට වේ. ඔබට මෙම ක්‍රියාවලිය තුලද සිත පිහිටුවිය
හැක.
ඉටිපන්දම් දැල්ල වරින් වර සෙලවෙන නිසා ඇසට වෙනස් වන අරමුණක් ලැබේ. මෙය එක් අරමුණක සිටීම පහසු කරයි, නමුත් ඇසේ
නාභිය පවත්වා ගැනීම මදක් අපහසු වේ. ඉටිපන්දම් දැල්ල දෙස බලා සිටින විට අවට ඇති වෙනත් දෑ ටිකින් ටික අඳුරු වී යන ලෙස
දැනිය හැක. මෙය සාමාන්‍ය දෙයකි.
සිත එක් අරමුණක තැබීමෙන් එදිනෙදා ජීවිතයේ බොහෝ අරමුණු වලට හසුවී තිබෙන සිතට විශාල සැනසීමක් දැනේ. මේ
ක්‍රියාකාරකම දිගටම කිරීමෙන් තමා තුල සාමකාමී වාතාවරනයක් ගොඩනැඟේ.
හැක.
මීට පෙර අප මනස ඉහිල් කිරීම සහ ඒකාග්‍ර කිරීම සම්බන්ධ ක්‍රියාකාරකම් සාකච්ඡා කලෙමු එම අභ්‍යාස වල යම්
නිපුණතාවයක් ඇතිනම් තෙවන අදියර ලෙස චිත්ත රූප ආශ්‍රිත ක්‍රියාකාරකම් ආරම්භ කල හැක. චිත්ත ඒකග්‍රතාවය සඳහා අප
ඉටිපන්දම් දැල්ලක් හෝ යම් වස්තුවක් තුල අවධානය රැඳවූවා ඔබට මතක ඇති. දැන් අප අවධානය රැඳවීමට යන්නේ අපගේ මනැස
තුල ගොඩනඟාගත් වස්තුවක් මතයි. මනැසේ නිපදවන වස්තුව මත තබන අවධානය වැඩි කරන තරමට එම වස්තුව වඩා
විස්තරාත්මකව ගොඩනැඟේ. වඩා විස්තරාත්මකව ගොඩනැඟෙන චිත්ත-රූපයක් වඩාත් ප්‍රභල වේ.
http:/ / 4. bp. blogspot. com/ _7knLhiVNnxM/ SM0jBHD8uDI/ AAAAAAAAAN0/ RbFDv8QpTuA/ s400/
Ambersweet_oranges.jpg
මේ සඳහා ඔබට කැමති වස්තුවක් තෝරා ගත හැක. බොහෝ විස්තර සහිත හෙයින් අපි උදාහරණයක් ලෙස දොඩම් ගෙඩියක් ගනිමු.
මේ ක්‍රියාකාරකම පුහුණු වීම සඳහා නිස්කලංක නිෂ්ශබ්ද ස්ථානයක් තෝරාගන්න. ඉන් පසුව ඇස් පියාගෙන ඔබේ අතේ දොඩම්
ගෙඩියක් ඇතැයි සිතින් මවා ගන්න. ඉන් පසුව එහි හැඩය අතට දැනෙන ආකාරය, බර සහ මතුපිට ස්වාභාවයද සිතින් මවාගන්න.
එහි වර්නය සහ දීප්තියද එකතු කර ගන්න. දොඩම් ගෙඩියේ එබෙන ස්වාභාවය සිහි කරගන්න. සම්පූර්න දොඩම් ගෙඩියක් හැකි
තරම් විස්තර සහිතව චිත්ත රූපයක් ලෙස මනැසේ රඳවා ගන්න. ඉන් පසුව එහි පොත්ත ගලවන්න. පොත්ත ගලවන විට දැනෙන
සුවඳ සිතින් මවා ගන්න. දැන් ඒ තුල ඇති රේණු ආදිය ද එම චිත්ත රූපය තුල දකින්න. ඔබ දොඩම් කෙරෙහි කැමැත්තක් දක්වන්නේ
නම් මේ අවස්ථාවේදී කටට කෙල ඉනීම සාමාන්‍ය දෙයකි.
ඉහත උදාහරණය ස්වාභාවික වස්තුවක් පදනම් කරගත් ක්‍රියාකාරකමක් වුවත් බොහෝ විස්තර සහිත වස්තුවකි. නමුත් චිත්ත
රූපය මත ඒකාකාරව අවධානය රැඳවීමේ අපහසු තාවයක් ඇතිනම් ඊට වඩා සරල උදාහරණයකින් පටන් ගත යුතුය. අවධානය
රැඳවීමේ හැකියාවද දියුනු කල හැකි සරල ජ්‍යාමිතික හැඩ උපයෝගී කරගත් උදාහරණයක් ගෙන බලමු.
http:/ / 3. bp. blogspot. com/ _7knLhiVNnxM/ SM0jBBXHLCI/ AAAAAAAAAN8/ wX3j5TQG4x0/ s400/
Uniform_polyhedron.png
ඇස් පියාගෙන ඔබ ඉදිරිපස "හිස්" අවකාශයක් සිතින් මවාගන්න. ඉන් පසුව ඒ තුල තිරස් අතට සුදු රේඛාවක් සිතින් මවාගන්න.
මෙම රේඛාව ඉතා පැහැදිලිව සහ සෘජුව මනසේ රඳවා ගන්න. දැන් එම රේඛාව අවකාශය තුල නොයෙක් අතට හරවන්න, දිග
වෙනස් කරන්න. රේඛාවට පසුව රේඛා තුනකින් යුත් ත්‍රිකෝනයක් චතුරශ්‍රයක් ආදිය සිතින් මවාගෙන ද්විමානවද, ත්‍රිමානවද
නොයෙක් අතට හරවන්න. මීලඟට ඝනකය, පිරමිඩය ආදී ත්‍රිමාන වස්තූන් ද චිත්ත රූප ලෙස මවාගෙන ව්‍යායාමයෙහි යෙදෙන්න.
ත්‍රිමාන වස්තූන්ගේ රේඛාගනන, දාර ගනන සහ පැති ගනන ගනින්න. මේවා නැවත නැවත ගැනීමෙන් චිත්ත රූපය පැහැදිලිව
මනසේ රැඳේ.
http:/ / 1. bp. blogspot. com/ _7knLhiVNnxM/ SM0jBXLYJ9I/ AAAAAAAAAOE/ mO_JsslS1rw/ s400/
Rhombicuboctahedron.jpg
ඉතා සරල ලෙස පෙනුනද මෙම ක්‍රියාකාරකම හරහා මනැස ඉතා හොඳින් දියුනු කල හැක. චිත්ත රූපයක් ඇසින් දකින වස්තුවක්
ලෙස දැකීමට බලාපොරොත්තු නොවන්න. එය ඇසට වඩා වෙනස්ම ඉන්ද්‍රියකි, වෙනස්ම සංවේදනයකි. දිගින් දිගටම ව්‍යායාම
කිරීමෙන් වඩා පැහැදිලිව සහ ස්ථාවරව චිත්ත රූප ගොඩනැගීමටත් පාලනය කිරීමටත් හැකියාව ලැබේ.
උප ග්‍රන්ථය
License
Creative Commons Attribution-Share Alike 3.0 Unported
http:/ / creativecommons. org/ licenses/ by-sa/ 3. 0/